20ට කැබිනට් අනු කමිටුවක් පත් කරයි
ඊයේ(19) දිනයේ මංගල කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් විය.
එහි දී 19වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර 20වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමට අනුමැතිය ලැබී තිබේ. එම කෙටුම්පත සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකමිටුවක් පත්කර ඇත.
එම කැබිනට් අනුකමිටුවට මහාචාර්ය ජී.එල්.පිරීස්, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, නීතිඥ උදය ගම්මන්පිල සහ අලි සබ්රි යන අමාත්‍යවරුන්ගේ නම් ඇතුළත්ව තිබෙන අතර නව රජයේ කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාත් සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස රමේෂ් පතිරණ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් පත්කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
