පාර්ලිමේන්තුවේ මංගල සැසිය අදයි
නව රජයේ නවවන මංගල පාර්ලිමේන්තු සැසිවාරය අද(20) දින පෙ.ව.09.30 පැවැත්වීමට නියමිතව ඇත.
මෙය සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණිමට නියමිතව ඇති අතර අපේ ජන බල පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසනය සම්බන්ධයෙන් තවමත් නිෂ්චිත නිගමනයකට එළඹ නැත.
අද පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව කැඳවීම සිදුවන අතර පාර්ලිමේන්තුවේ පවතින තනතුරු වන කතානායක, නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමට නියමිතය. එසේ කතානායක පත්කර ගැනීමෙන් අනතුරුව සියලුම මන්ත්‍රීවරුන්ගේ නිල දිවුරුම සහ ප්‍රතිඥාව සිදුකර පසුව ඔවුන් විසින් පාර්ලිමේන්තු ලේඛණයේ අත්සන් තැබීමක් සිදුකරයි.
ඉන්පසු පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමක් සිදුකර නැවත ප.ව.3.00ට පළමු මංගල රැස්වීම උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
