Uncategorizedදේශීය

පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක්

අද (21) දිනයේ මෙන්ම, 27 සහ 28 දිනයන්හි නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැඳවීමට ඊයේ(20) දින පාර්ලිමේන්තුවට රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

ඒ අනුව අද (21) දින පාර්ලිමේන්තුවට ට්‍රිලියන 1.6ක අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එම ට්‍රිලියන 1.6ක මුදලින් සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු වියදම් පියවා ගැනීමට නියමිතය.  

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(21) දින පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *