09 වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේ
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් 09 වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු සහ සහකාර සංවිධායකවරු පත්වීම් ලිපි භාර ගන්නා ලදී.
ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස ඩිලාන් පෙරේරා සහ ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කර ඇත.
ජගත් පුෂ්පකුමාර, මොහොමඞ් මුසම්මිල් සහ අසංක නවරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස පත්කර තිබේ.
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ, අග‍්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් මෙම තනතුරු, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
