අම්බලන්ගොඩ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
අම්බලන්ගොඩ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.අද (22) පෙරවරු 8.55 ට පමණ මෙම පුද්ගලයා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩිතබා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, කුලීගොඩ පදිංචි වයස අවුරුදු 48ක පුද්ගලයෙකි.
කුමන හේතුවක් මත වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
