ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප්
මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙන ඇමරිකාවේ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස එරට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිළ වශයෙන් නම් කිරීම ඊයේ (24) රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී සිදු කෙරුණා.
Covid 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම පක්ෂ සම්මේලනය සුළු සාමාජික සහභාගීත්වයකින් පැවැත්වූ අතර මේ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ හා පවුලේ සාමාජිකයින් එක් විය.
ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් තරඟවැදීමට සූදානම්ව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
