සැප්තැම්බරයේ සිට පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි
සෞඛ්‍ය නිර්දේශවලට අනුව පැවැත්වූ සියළුම පාසල් සතියේ දින පහේම සුපුරුදු පරිදි අදියර දෙකක් යටතේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සැප්තැම්බර් මස 2 වැනි දින 6 වසර සිට 13 වසර දක්වා පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පන්ති පැවැත්වීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුළු සියළුම පාසල් සුපුරුදු පරිදි පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
