මාතලේ නගරාධිපති ඩල්ජිත්ගේ ධූරය තාවකාලිකව අත්හිටුවයි
මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ ධූරය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පියවර ගෙන තිබේ.
ඩල්ජිත් අලුවිහාරේ මහතා සංශෝධිත මහ නගර සභා ආඥා පනත යටතේ වැරදි සිදුකර ඇද්ද යන්න වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ සඳහා විශ්‍රාමලත් විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කර ඇති බව සඳහන්ය.
මේ පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යන් ඉටු කිරීමට නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතාට පවරා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
