ක්‍රීඩාදේශීය

ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරඟාවලියට මෙරටින් ඩිලන්ත මාලගමුව

සැප්තැම්බර් 05 වැනිදා ආරම්භ කිරීමට නියමිත ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතා සහභාගි වේ.

මෙම තරඟාවලිය සැප්තැම්බර් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤය, බෙල්ජියම සහ ප්‍රංශය යන රටවල්වලදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ඩිලන්ත මාලගමුව මහතාට එම තරඟාවලිය සඳහා රාජ්‍ය අනුග්‍රහය හිමි වී ඇති අතර මෙය ඔහු රාජ්‍යය අනුග්‍රහයක් සහිතව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා සහභාගිවන පළමු අවස්ථාවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *