ක්‍රීඩා

බ්‍රාවෝගෙන් ක්‍රිකට් වාර්තාවක්

20යි 20 තරඟ පිටියක දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගැනීමට ඩ්වායන් බ්‍රාවෝ ඊයේ (27) සමත් විය. ඒ 20යි 20 තරඟ පිටියක දී කඩුලු 500ක් දවා ගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස ය.

ඊයේ (27) දින ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයේ දී බ්‍රාවෝ මෙම දස්කම දක්වා ඇති අතර කඩුලු 500 දවා ගැනීම සඳහා ඔහු තරඟ 459කට ක්‍රීඩා කර තිබේ.

ඩ්වායන් බ්‍රාවෝගෙන් පසු ලැයිස්තුවේ දෙවන ස්ථානය ලසිත් මාලිංගට හිමිවෙන අතර ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 390 කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *