දේශීය

එජාප නියෝජිතයන්ගේ පෙත්සම් අභියාචනාධිකරණයට

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයට සහයෝගය පළ කළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මන්ත්‍රීධූර අහිමි කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන ඇති තීරණය ගැසට් කිරීම වැළැක්වීමේ නියෝගයක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස පළාත් පාලන නියෝජිතයින් 40ක පමණ පිරිසක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ඊයේ (28) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීය.


අභියාචනාධිකරණයේ දී ඒ. එච්. එම්. ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවනු ලැබූ අතර එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු ඉදිරිපත් කළේය.
 
මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම සැප්තැම්බර් 02වන දින සිදුකිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *