ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට එවන්න – කතානායක
මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හට සැප්තැම්බර් 08 වන දින පාර්ලිමේන්තු සභාවාරයට සහභාගිවන්නට අවශ්‍ය කටයුතු යොදන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දී ඇත.
2020 මහමැතිවරණයේ දී ප්‍රේමලාල් ජයසේකර මහතාට ඡන්දේ දීපු ඡන්ද දායකයන්ගේ අයිතිය පැහැරගැනීමට තමා එකඟ නැති බව කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මනාප 142,032 ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ දෙවන තැන හිමිකර ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මරණ දඩුවම නියමවී සිටී. ඒ 2015 ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාලවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
