මහනුවර ප්‍රදේශ කිහිපයක භූමියේ කම්පනයක් වාර්තා වේ.
ඊයේ (29) වන දින රාත්‍රීයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අසාමාන්‍ය ලෙස භූමියේ කම්පනයක් වාර්තා වී ඇති අතර රාත්‍රී 8.30ට පමණ මෙම සිදුවීම සිදු වී ඇති බව වාර්තා වේ.
භූ විද්‍යා සමික්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා පවසන්නේ එම සිදුවීම භූ චලනයක් නොවන බවයි.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අද දිනයේ සිදුකරන බව ඒ මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
