දේශීය

මෙරට තරුණයින් අතර HIV ඉහළ යාමක්

නැවත වතාවක් එච්.අයි.වී ආසාදනයේ ඉහළ යාමක අවධානමක් මෙරට තරුණයින් අතර පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසහන පවසයි.

වයස අවුරුදු 19ත් 25ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි අතර එච්.අයි.වී ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ද විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරයි.

වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩි දුරටත් සඳහන් කරන්නේ මේ වනවිට මෙරට එච්.අයි.වී ආසාදිතයින් 3600ක් හඳුනාගෙන ඇති බව ද ඉන් ප්‍රතිකාර සඳහා යොමුවී සිටින්නේ පුද්ගලයින් 2000ක් පමණක් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *