දේශීය

කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළට

ඊයේ (30) වන දින මෙරටින් Covid 19 ආසාදිත පුද්ගලයන් 17දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් 17දෙනා සමඟ මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3012ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ හමු වූ නව ආසාදිතයින් 17දෙනා අතරින් 12දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද තිදෙනෙක් මාලදිවයිනෙන් ද මෙරටට පැමිණි පුද්ගලයන්වන අතර ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් දෙදෙනෙක් ද ඒ අතර වේ.

අද ( 31) වන දින උදෑසන ආසාදිතයින් 8දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර මෙරට සමස්ථ පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 2868ක් වේ. ආසාදිතයින් 132දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *