දේශීය

කොළඹ ජල කප්පාදුව

අද (02) පස්වරු 1 සිට හෙට (03) පෙරවරු 7දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් තිබෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය.

නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන අතර කොළඹ 12, 13, 14, සහ  15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් කොළඹ 01, 10 සහ  11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවත් එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *