දේශීය

අවුරුදු 5ක් තුළ සෑම නිවසකටම ජලය – වාසුදේව නානායක්කාර

අවුරුදු 5ක් තුළ සෑම නිවසකටම ජලය ලබා දීම තම සැලසුම බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ජල සම්පාදන අමාත්‍යංශයේ (අගෝ 31) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

‘’රක්වාන ගගේ වතුර ටික ටික අඩුවෙනවා. ඒ නිසා ජල පෝෂක සශ්‍රීක කරන්න ගග දෙපස මී පැල සහ කුඹුක් පැල 2500ක් සිටුවන්න කටයුතු කරනවා. කටුපොල් වගේම ෆයිනස්, ඇකේෂියා ගස් ජලයට කරන හානිය ඉතා විශාලයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වඩා සැලසුම් සහගතව කටයුතු කරනවා.

ටික දෙනෙක් තමන්ගේ උවමනාවට ගංගා ඇල දොල ජල මාර්ග වලින් නල භාවිතා කරමින් ජලය ලබා ගනිමින් සිටිනවා. පොදු ජනතාවට අයිති ජලය ටික දෙනෙක් භුක්ති විදිමින් සිටිනවා.’’  යැයි අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී ජලය සම්බන්ධයෙන් නව පනතක් ගෙන එන බවත් ජල නීතියක් සම්මතකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *