දේශීය

ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන් නිහඩ විරෝධතාවයක

ඉල්ලීම් ගණනාවක් මුල්  කරගනිමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය අද (02) කොටුව දුම්රියපොල ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරථ විය. ස්ථීර නොකරන ලද සංවර්ධන නිලධාරීන් ස්ථීර කරන ලෙසත්, කප්පාදු කරන ලද ප්‍රසූත නිවාඩු ලබා දෙන ලෙසත්, අවසන් කළ අභ්‍යාසලාභී පුහුණු කාලය තවත් දීර්ඝ නොකරන ලෙසත් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මෙම විරෝධතාවයට ඇතුළත් විය.

කොටුව දුම්රියපල ඉදිරිපිට නිහඩ විරෝධතාවයෙන් අනතුරුව ආර්ථික අමාත්‍යංශය වෙත ගමන්කළ විරෝධතාකරුවෝ අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡා කර තම ඉල්ලීම් ඉදිරිපත් කරන ලදි.

මෙම වි‍රෝධතාවය වෙනුවෙන් අදහස් දක්වමින් ඒ.ස.නි.ම. ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසූවේ 2019 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී බදවාගත් සංවර්ධන නිලධාරීන් 16800කගේ වසරක පුහුණු කාලය අවසන් නමුත් ඔවුන් ස්ථීර නොකර පුහුණු කාලය දෙසැම්බර් දක්වා දීර්ඝ කර ඇති බවයි.

තවද දින 84 ප්‍රසූත නිවාඩු අයිතිවාසිකම ද කප්පාදු කර ඇති බව පවසන මුණසිංහ මහතා මෙම ඉල්ලීම් වලට සාධාරණ විසදුමක් නොලැබෙන්නේ නම් ඉදිරි කාලයේ දී අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පවසන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *