දේශීය

මෙරට Covid 19 ආසාදිතයින්

ඊයේ ( 02 ) දිනයේ මෙරටින් නව Covid 19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් 10දෙනා අතරින් පස්දෙනෙක් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් වන අතර කුවේට් සිට පැමිණි දෙදෙනෙකුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකුත් සහ කටාර් සිට පැමිණි එක් අයෙක් අනෙක් පස්දෙනා අතර වේ.

ඒ අනුව මෙරට සමස්ත Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3101වන අතර එයින් ආසාදිතයින් 2883ක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇත. තවත් ආසාදිතයින් 206 දෙනෙකු තව දුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව Covid 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *