දේශීය

අවධානම අවසන්

නැගෙනහිර මුහුදේ ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය ප්‍රකාශ කරනවා.

තෙල් මෙට්‍රික් ටොන් 270,000ක් සමගින් ගින්නට හසුවී තිබුණු මෙම නෞකාව යම් හෙයකින් ගිනිගෙන පුපුරා ගියේ නම් එය ‍මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලතම සාගර විනාශය වීමට නියමිතව තිබුනු බව පරිසර සහ ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

නැගෙනහිර මුහුදු කලාපයේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව නැගෙනහිර වෙරළට නාවික සැතපුම් 38ක් (කි මී 70ක්) ගැඹූරින් ගමන් ගනිමින් තිබුණු අතර බොයිලේරුව පිපිරීමෙන් ගින්න හට ගෙන ඇති බව තහවුරු වී ති බෙනවා. ගිනිගැනීමෙන් අනතුරුව නෞකාවේ එන්ජිම ක්‍රියා විරහිත වීමත් සමගින් ගිනිගනිමින් නැගෙනහිර වෙරළ දෙසට නෞකාව ගසාගෙන එමින් තිබුනා.

නෞකාවේ ගින්න නිවා දැමීමට ඉන්දීය සහ ලංකා සාමූහික මෙහෙයුම් අඛණ්ඩව පැය 45ක් පමණ ක්‍රියාත්මක වූ අතර යම් හෙයකින් නෞකාව ගිනිගෙන විනාශ වුවහොත් එහිදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සුවිශේෂී අවධානයක් යොමු කිරීමට විවිධ පාර්ෂව කටයුතු කළා.

කෙසේ වෙතත් මේ වන විට ගින්න මුළුමනින්ම පාලනය කර ඇති අතර ගිනිගත් නැවේ දුම් පිටවීම නතර වීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ අදහස වන්නේ.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *