දේශීය

හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පානදුර දකුණ පොලීසිය විසින් හෙරොයින් ග‍්‍රෑම් 14 යි මිලිග‍්‍රෑම් 700 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා මොරටුව, මුරවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති අතර ජංගම දුරකථන කිහිපයක් ද සැකකාර කාන්තාවන් දෙදෙනා සතුව තිබී පොලිස් බාරයට ගෙන තිබේ.

පොලීසිය වැඩි දුරටත් පවසන්නේ වැටලීම සිදු කරන අවස්ථාවේදී මෙම කාන්තාවන් දෙදෙනාට මත්කුඩු ලබාදෙන සැකකරු පැනගොස් ඇති බවයි.

පානදුර දකුණ පොලිස් ස්ථානාධිපති එම්. එස්. කුමාරසේන සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබාදුන් තොරතුරකට අනුව එම වැටලීම සිදු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *