පළාත් කිහිපයකට අදත් වැසි
අද ( 05 ) දින සවස් කාලය වන විට දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 02න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට දැනුම් දී තිබෙන්නේ අකුණු මගින් සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
