විදේශීය

රුසියාවේ කොවිඩ් එන්නත ස්පුට්නික් V

රුසියාව විසින් එරටදීම නිෂ්පාදනය කර අත්හදා බැලීමකට ලක් කෙරුණු Covid 19 එන්නත මගින් එය එන්නත් කෙරුණු පුද්ගලයින්ගේ සිරුරේ මෙම වෛරසය සමනය කෙරෙන ප්‍රතිදේහ නිර්මාණය වන බව පර්යේෂණයකින් සනාථ වී ඇති අතර මෙම එන්නත රුසියානුවන් හඳුන්වා තිබෙන්නේ ස්පුට්නික් V ලෙසයි.

එන්නත ලබාදුන් පුද්ගලයින් තුළ යම්කිසි උණ තත්වයක් හටගත් බව ද එය සාමාන්‍ය තත්ත්වයක් බව ද ලැන්සෙට් වෛද්‍ය සඟරාව පවසයි.

අදියර දෙකක අත්හදා බැලීම්වලදී මෙම කාර්යයට එක් වූ පුද්ගලයින්ගේ සිරුරු තුළ කොරෝනා වෛරසයට එරෙහිව  ප්‍රතිදේහ නිර්මාණය වූ බව හඳුනාගෙන ඇති අතර තවමත් එන්නතෙහි තෙවැනි අදියරෙහි අත්හදා බැලීම් සිදුකර නොමැත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *