දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාව නාවුක සැතපුම් 35ක් දුරකට රැගෙන යයි

ශ්‍රී ලංකාවේ සිට නාවුක සැතපුම් 35ක් ඔබ්බෙන් වූ මුහුදු කලාපයට නැගෙනහිර මුහුදේ දී ගිනි ගත් නිව් ඩයමන්ඩ් නෞකාව රැගෙන යාමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත් වී ඇත.

ගිනි ගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ ගබඩා කොට තිබූ ඉන්ධන කිසිදු ආකාරයකට පිටතට කාන්දුවීමක් සිදු වී නොමැති  බව සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කර තිබේ.

මොවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ නෞකාවේ ඇති වූ ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය වී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *