බංග්ලාදේශයේ සිදු වූ පිපිරීමකින් 12දෙනෙකු මරුට
බංග්ලාදේශයේ නාරායන් ගන්ජ් ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ දී දේවස්ථානය තුළ විශාල බැතිමතුන් පිරිසක් රැඳීසිටි බව සඳහන් වන අතර මෙහි දී තවත් පුද්ගලයන් 45දෙනෙකුට පමණ තුවාල සිදු වී ඇත.

ගෑස් කාන්දුවීමක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවට සැකපළ කරන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
