විදේශීය

ජල ගැලීම් හේතුවෙන් සූඩානයට හදිසි තත්වයක්

සූඩානයට ඇති වූ අධික වර්ෂාපතනයෙන් සිදු වූ ජල ගැලීම් හේතුවෙන් සූඩානයේ මියගිය පුද්ගලයින් ගණන ඉහළ යාමත් සමඟ සූඩානයට මාස 03 ක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

මෙම ජල ගැලීම් හේතුවෙන් සූඩානයේ පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයින් ගණන 99ක් දක්වා ඉහළ ගොස් ඇත.

නිවාස සහ දේපළ ලක්ෂයකට වැඩි ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති නිසා සුඩාන වැසියන් මිලියනයකට වඩා අධික පිරිසකට බලපෑම් එල්ල වී අතර මෙලෙස පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආහාරපාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ආධාර වශයෙන් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *