දේශීය

වැසි සහ සුළං තවදුරටත්

අද (06) දින දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විටින් විට හමන සුළඟේ වේගය පැ.කි.මී. 50ත් 60ත් දක්වා වැඩි වීමට ඉඩ ඇති අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *