ක්‍රීඩා

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවයි

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ආයතනයේ සියලු පාලන කටයුතු භාරගෙන ඇති දකුණු අප්‍රිකානු ඔලිම්පික් කමිටුව විසින් ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සියලු පරිපාලන කටයුතුවලින් ඉවත් වන ලෙස ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් ලිඛිතව දන්වා ඇති අතර ක්‍රිකට් ආයතනයේ කටයුතු පිළිබද විමර්ශනයක් සිදු කිරීමට කාර්යය කණ්ඩායමක් ද පත් කිරීමට නියමිතව තිබේ.

මෙලෙස ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවීමට ගත් තීරණය ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සලයේ නීතිවලට පටහැනි පටහැනිවන අතර මේ හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරග තහනම් වීමේ අවධානමක් මතුව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *