දේශීය

20ට අධ්‍යයන කමිටුවක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත අධ්‍යයන කමිටුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර ඇති අතර එම අධ්‍යයන කමිටුවෙහි කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළත් ය.

සාමාජිකයන් නව දෙනෙකුගෙන් යුත් මෙම කමිටුවේ සභාපතීත්වය අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාට හිමිව තිබේ.

උදය ගම්මන්පිල, අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන කැබිනට් අමාත්‍යවරුන්, සුසිල් ප්‍රේමජයන්ත, එස්.විලේන්ද්‍රන් යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් සී.දොලවත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම කමිටුවේ සාමාජිකයන් වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *