ක්‍රීඩා

අෆ්කාරිගේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරේ

මිනීමැරීමේ චෝදනා ලැබූ මල්ලවපොර ශූර 27 හැවිරිදි නවීඩ් අෆ්කාරිට ඉරාන රජය ලබා දී තිබූ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2018 වසරේ දී පැවැති රාජ්‍යයට එරෙහි විරෝධතා අතරතුර ආරක්ෂක නිළධාරියෙකු මරා දැමූ බවට එල්ල වූ චෝදනාව මුල්කර ගෙන අෆ්කාරිට මරණ දණ්ඩනය නියම කර ඇති නමුත් ඔහු පවසන්නේ වධහිංසා කර ඔහුගෙන් එම පාපොච්චාරණය ලබාගත් බවයි.

ලෝක ක්‍රීඩකයින්ගේ සංගමය අෆ්කාරිට එරෙහි මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීමක් කළත් ඉරාන රජය සිය තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොකළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *