දේශීය

එජාප තවත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට (14) දින පස්වරුවේ සිරිකොත මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

එම පක්ෂයේ නායකත්ව තීරණය සම්බන්ධයෙන් මෙම රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත අතර නායකත්වය සඳහා යෝජනා වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, සහ හිටපු කථානායක කරු ජයසූරිය යන අයගෙන් එක් අයෙක් තෝරා ගැනීමට බෝහෝ ඉඩකඩ පවති.

මේ අතර තවමත් පුරප්පාඩුවක් ලෙස පවතින එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවමත් මන්ත්‍රීවරයෙකු යෝජනා කර නැති අතර ඒ සඳහා ද හෙට පැවැත්වෙන රැස්වීමේ දී අවධානය යොමු කරනු ලැබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *