ක්‍රීඩකයන් දෙදෙනෙකුට ICC තරග තහනමක්
තරග පාවාදීමේ චෝදනා ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන අමිත් හයාත් සහ අශ්ෆක් අහමඩ්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් තාවකාලික තරග තහනමක් පනවා ඇත.
ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අයත් දූෂණ මර්දන පනතේ වගන්ති 5ක් උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර නිදහසට කරුණු සැපයීමට එම ක්‍රීඩකයන් දෙදෙනාට සති දෙකක කාලයක් හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිවේදනය කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
