දේශීය

මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මකයි

අද (14) දින සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කර ඇත.

මෙම මංතීරු නීතිය මාර්ග 4ක් ඔස්සේ ක්‍රියාවට නංවන අතර හයිලෙවල් පාර, ගාලු පාර, බේස්ලයින් පාර සහ ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ පාර යන මාර්ගයන් කේන්ද්‍රකර ගෙන තිබේ.

ඒ අනුව මෙම නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *