දේශීය

ඊශ්‍රායලය හා මෙරට රජය අතර රාජතාන්ත්‍රික ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය, ඊශ්‍රායල රජය සමග ඇතිකර ගත් රාජතාන්ත්‍රික ගිවිසුමට අනුව ඊශ්‍රායල් රජය මෙරට ඒජන්සිකරුවන් මගින් එරටට ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම අත්හිටුවා තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණක් සිදුකරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය.

ඊශ්‍රායලයේ ගෘහස්ථ සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමේ දී මෙරට රැකියා ඒජන්සිකරුවන් විසින් විශාල මුදලක් අය කර ගැනීමක් සිදු කරන නිසා මෙම තීරණය ගත් බව එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *