දේශීය

20ට නව නිර්දේශයන්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ අධ්‍යයන කමිටුව ඊයේ (14) දිනයේ ජී. එල්. පීරිස් මහතාගේ නිවසේ දී රැස් වූ අතර එම කමිටුවේ නිර්දේශ අද (15) දින අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීමට සැලසුම් කර තිබුණත් එම වාර්තාව අද ඉදිරිපත් කර නැති බව වාර්තා වේ.

දැනට ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වෙනස් විය යුතු යම් නිර්දේශයන් හඳුනාගෙන ඇති අතර එම නිර්දේශ ලිඛිතව සකස් කිරීමට එම කමිටු රැස්වීමේ දී තීරණය කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

 ඒ අනුව මෙම නිර්දේශයන් පිළිබඳව ජනාධිපති සහ අගමැති වෙත පමණක් දැනුම් දෙන බව එම මහතා වැඩිදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *