ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 17කට කොවිඩ්
Covid 19 වාර්තා අතර ලොව වැඩිම ආසාදිතයන් සිටින රටවල් අතරින් දෙවැනි ස්ථානයේ සිටින ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මෝසම් සැසි වාරය ආරම්භ වීමට ප්‍රථම සිදුකළ PCR පරීක්ෂණයන්හි දී මන්ත්‍රීවරුන්ට Covid 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම Covid 19 ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාලක භාරතී පක්ෂයේ මන්ත්‍රීවරුන් 12ක් සිටින බවට කරුණු අනාවරණය වේ.
අනෙක් මන්ත්‍රීවරුන් අතර ආන්ද්‍රා ප්‍රදේශයේ වයි.එෆ්.ආර් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුත් ශිව්සේනා, ඩී.එම්.කේ සහ ආර්.එල්.පී පක්ෂයේ එක් අයෙකු බැගින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
