කාන්තාවන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණයි – නිමල් සිරිපාල ද සිල්වා
කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිනව අකමැති බවත් ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල පිහිටි ජපන් රැකියා පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන අතර මෙරට කාන්තාවන්ට හොඳ භාෂා හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට බලාපොරොත්තු වන බව එහි දී අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේ දී විදේශ රැකියා අවස්ථා වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
