කොළඹට පැය 12ක ජල කප්පාදුවක්
අද (17) දින කොළඹ 01 සඳහා පැය 12ක ජල කප්පාදුවක් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.
ඒ අනුව අද ප.ව. 8.00 සිට හෙට (18) දින පෙ.ව. 8.00 දක්වා මෙම ජල කප්පාදුව පවතින අතර කොළඹ 2, 3, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සැපයෙනු ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
