ක්‍රීඩා

ඕස්ට්‍රේලියාවට 2-1ක ජයක්

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජයගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

එම තරගයේ දී සත්කාරක එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා ගත්තේය.

අනතුරුව පන්දුවට පහර දුන් සංචාරක ඕස්ට්‍රේලියාව පන්දු වාර 49යි පන්දු 4ක් තුළ දී කඩුලු 7ක් පමණක් දැවී ලකුනු 305ක් ලබා ගනිමින් තරගය ජයගත්තේය.

ඒ අනුව 2-1ක් ලෙස එම තරගාවලිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයගත් අතර එංගලන්ත කණ්ඩායම සිය මව් රටේ දී එක්දින තරඟාවලියකදී පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙයයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *