දේශීය

ධීවරයන්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි නිවේදනයක්

මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් අද (18) දින තද සුළං ඇතිවීමේ හැකියාවක් පිළිබඳව කාළගුණ විද්‍යා දෙපර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින්ට එම ප්‍රදේශයෙන් කඩිනමින් ඉවත් වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශයන්වල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහල යා හැකි බැවින් ධීවරයින්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි දැනුම් දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *