ඉන්දියාවේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි.
ඉන්දියාවේ, මුම්බායි නගරයේ වසර 40 ක් පමණ පැරණි තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර සුන්බුන් අතර සිර වී සිටි කුඩා දරුවෙකු ඇතුළු 31 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.
කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් 25 දෙනෙකු පමණ සිරවී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇති අතර සුන්බුන් අතරේ සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමට 40 දෙනෙකුගෙන් පමණ සමන්විත සහන කණඩායමක් මේ වන විටත් මෙහෙයුම් දියත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
