ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරයි
පැයට සැතපුම් 45ක වේගයෙන් හමා එන බීටා සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රදේශ 29කට ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ලුසියානා ප්‍රාන්තයට ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එහි ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් ලුසියානා සහ ටෙක්සාස් වෙරළ තීරයන්වල මිලියන 11කට අධික පිරිසක් ද ජල ගැලීම් අවදානමක සිටින බව වාර්තා වේ.
මෙම බීටා සුළි කුණාටුව ඉදිරි දින දෙකක කාලය තුළ දී තවදුරටත් වර්ධනය විය හැකි බව එරට කාළගුණික අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
