දේශීය

DIG තනතුර සඳහා කාන්තා පොලිස් නිළධාරිනියක්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක් පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

මෙම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 09 දෙනෙකුගේ නම් ඉදිරිපත් වී ඇත.

එම 09දෙනා අතර සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිනිය වන, පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු කළ, බිම්සානි ජාසිංආරච්චි මහත්මියගේ නම තෝරාගෙන තිබෙන අතර නියෝජ්‍ය පොලිස්පති තනතුරට කාන්තා පොලිස් නිළධාරිනියක් පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කළ පළමු අවස්ථාව මෙය යි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *