විදේශීය

එවරස්ට් කන්ද දස වරක් තරණය කළ පළමු මිනිසා මියයයි

එවරස්ට් කන්ද දස වරක් තරණය කිරීම හේතුවෙන් “හිම දිවියා” යන අන්වර්ථ නමින් ප්‍රකට නේපාල ජාතික “අන්ග් රීටා ශර්පා” ඊයේ (21) මියගොස් තිබේ.

උස අඩි 29,035කින් යුත් ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් කන්ද දස වරක් තරණය කළ පළමු මිනිසා අන්ග් රීටා වන අතර ඔක්සිජන් බෝතල් භාවිතා නොකර 1983ත් 1996ත් කාලය තුළ දී එම හපන්කම සිදුකිරීමට ඔහු සමත් වී තිබේ.

දීර්ඝ කාලයක් රෝගීව සිටි අන්ග් රීටා, මියයන විට 72 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු කත්මන්ඩු හි පිහිටි සිය නිවසේදී අවසන් හුස්ම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *