දේශීය

තවත් Covid 19 ආසාදිතයින් 13ක්

අද (22) දින මෙරටින් තවත් Covid 19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයිනගෙන්  7 දෙනෙක් කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයන් අතරින් සෞදි අරාබියේ සිට පැමිණි දෙදෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් සහ තවත් එක් අයෙක් ඉන්දියානු ජාතිකයෙකි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ද අද දින ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,312 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට ආසාදිතයින් 181 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *