දේශීය

පාස්කු කොමිසම හමුවේ පෙනී සිටීමට මෛත්‍රීට දින නියම වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.

අද (22) උදෑසන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ ප්‍රකාශවලට ඇහුම්කන් දීම සඳහා එම මහතා කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මෙම දැනුම් දීම සිදුකර ඇත.

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද ඔක්තෝම්බර් 06 වෙනිදා ප්‍රකාශ ලබා දීමට කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *