මෙරට කොවිඩ් ආසාදිතයින් 3299 දක්වා ඉහළට
ඊයේ (21) දිනයේ වාර්තා වූ නව Covid 19 ආසාදිතයින් 12 දෙනත් සමග මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3299 දක්වා ඉහළ ගොස් තිබේ.
එම ආසාදිතයින් 12 අතර මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකු, ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් අතරින් මේ වන විට පුද්ගලයින් 3100ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 186 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
