දේශීය

ග්‍රාම නිළධාරීන්ට නව චක්‍රලේඛයක්

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් ග්‍රාම නිළධාරීන්ගේ රාජකාරි කටයුතු විධිමත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව සඳුදා දිනය මහජන දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඊට සමගාමීව ග්‍රාම නිළධාරීන්ගේ කටයුතු විධිමත් කිරීම සඳහා මෙම චක්‍රලේඛය ඉදිරිපත් කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව අඟහරුවාදා සහ බදාදා දිනවල උදෑසන 08.30 සිට පස්වරු 04.15 දක්වාත්, සෙනසුරාදා දින මධ්‍යහ්න 12.30 දක්වාත් මහජන සේවය සඳහා ග‍්‍රාම නිලධාරීවරුන් සිය කාර්යයාලවල රැඳී සිටිය යුතු වන අතර සඳුදා දිනයේ දී ප‍්‍රාදේශීය ලේකම් කාර්යයාලවල කැඳවීම් සහ අවශ්‍යතා අනුව කටයුතු කළ යුතුය.

එමෙන්ම ඉතිරි අනෙක් දින තුනෙන් එක් දිනයක් විවේකය සඳහා තෝරාගත හැකි අතර ඉතිරි දින දෙක ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදා ගත යුතු බව එම චක්‍රලේඛයේ සඳහන්ව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *