මංතීරු නීතියේ නව ක්‍රමවේදයක්
මංතීරු නීතියේ නව ක්‍රමවේදයක් අද (23) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව අද සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යයාල සේවා බස් රථ සහ වෑන් රථ පමණක් ධාවනය කළ හැකි බව වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසයි.
එමෙන්ම දෙවැනි මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ගමන් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර පාසල් දරුවන්, රැකියා සඳහා ගමන් කරන පිරිස් කල්වේලා ඇතිව ගමනාන්තයන් වෙත පිටත් කර හැරීම මෙහි අරමුණ බව ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
