නීතිවිරෝධි කහ සහ කේරළ ගංජා මන්නාරමෙන්
මන්නාරම ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස කහ සහ කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කහ සහ කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මාර්ග බාධක යොදා සිදුකළ පරීක්ෂාවලදී මැදවච්චිය මන්නාරම මාර්ගයේ 543 වන බලසේනාවේ මාර්ග බාධකයේ දී කුඩා ලොරි රථයක තිබී කහ කිලෝග්‍රෑම් 205ක් ද කුච්චිකුලම් මාර්ග බාධකයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 104ක් ද සොයාගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
